Kalani Wihare Song Lyrics - කැලණි විහාරේ ගීතයේ පද පෙළ

Kalani Wihare Song Lyrics - කැලණි විහාරේ ගීතයේ පද පෙළ
Song Title : Kalani Wihare (කැලණි විහාරේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
පූජිතයෝ සිනමා සිත්තමෙනි


නිවන් පුරට මඟ පෙන්වන
පහන් වැටක් සේ
මැණික් කොතින් අහස උසට
බුදු රැස් විහි දේ
මුනි සිරිපා පහස ලැබූ
හිමි වැඩි ගමනේ
දොහොත් මුදුන් තබා වඳිමි
කැලණි විහාරේ

නා මෙනෙවිය පෙර කළ හිඳ
ළවැලි තලාවේ
තත් පිරිමැද ඇඟිලි තුඬින්
මිණි වීනාවේ
අදත් ඇසේ එදා ගැයූ
බුදු ගුණ ගීතේ
දොහොත් මුදුන් තබා වඳිමි
කැලණි විහාරේ

සිහිල් සුළං වැදී සැලී
බෝ පත් නැළැවේ
පහන් හැඟුම් හදේ නැඟේ
මෙත් කරුණාවේ
වරක් ඇවිත් අප වැන්දොත්
කැලණි විහාරේ
උපන්දා පටන් කළ හැම
පවු දුරුවන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment