Irata Muwawen Idagena Song Lyrics - ඉරට මුවාවෙන් ඉඳගෙන ගීතයේ පද පෙළ

Irata Muwawen Idagena Song Lyrics - ඉරට මුවාවෙන් ඉඳගෙන ගීතයේ පද පෙළ
Song Title : Irata Muwawen Idagena (ඉරට මුවාවෙන් ඉඳගෙන)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මුහුණ බලනවා
වළාකුලෙන් අහස්‌ තලෙන් බිමට වඩිනවා

පායන තරු ඇස්‌ ඇරලා බලා සිටිනවා //
පීදෙන මල් පෙති විහිදා මුකුළු කරනවා
සුළං රොදින් ඇදී ඇවිත් ඇඟේ වෙලෙනවා
ගහකොළ හෙලවෙන තාලෙට රහස්‌ කියනවා

මේඝ මැදින් විදුලිය මෙන් නටා දිවෙනවා //
සීතල පොද වරුසාවෙන් සුසුම් සළනවා
ඇළ දොළ ගං ඇද හැලිලා ගිමන් නිවෙනවා
මගේ හදට සදා සතුට ඔබෙන් ලැබෙනවා

ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මුහුණ බලනවා
වළාකුලෙන් අහස්‌ තලෙන් බිමට වඩිනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment