Dora Kawuluwen Song Lyrics - දොර කවුළුවෙන් ගීතයේ පද පෙළ

Dora Kawuluwen Song Lyrics - දොර කවුළුවෙන් ගීතයේ පද පෙළ

Dora Kawuluwen Song Lyrics - දොර කවුළුවෙන් ගීතයේ පද පෙළ
Song Title : Dora Kawuluwen (දොර කවුළුවෙන්)
ගායනය : ෂර්ලි වෛජයන්ත සමඟින් චන්ද්‍රලේඛා පෙරේරා
(මුල් අනුවාදයේ පිරිමි හඬ මාර්ෂල් ජනතාගෙන්)
සංගීතය : ෂර්ලි වෛජයන්ත
ගී පද : ෂර්ලි වෛජයන්ත


දොරකවුළුවෙන් එබී බලා - කවුරුදෝ නුවන් හෙලා
කවුරුදෝ ඔබ කවුරුදෝ - මන්දහාසයෙන්
දොර කවුළුවෙන් එබී බලා - මං මෙසේ නුවන් හෙලා
රෝස මලට බඹරු රඟන - මං හිදිමි බලා

නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ
සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ
මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ
සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ

දොර කවුළුවෙන්...//

ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා
පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා

දොර කවුළුවෙන්...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment