Bambaraku Awayi Song Lyrics - බඹරකු ආවයි ගීතයේ පද පෙළ

 

Bambaraku Awayi Song Lyrics - බඹරකු ආවයි ගීතයේ පද පෙළ
Song Title : Bambaraku Awayi (බඹරකු ආවයි)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මඩවල එස්. රත්නායක
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


බඹරකු ආවයි නිරිත දිගේයා
හද පෑරූවයි මියුරු රසේයා
මල් පරවූවයි සෝකෙන් බෝවා
කඳුළු ගැලූවයි එලෝ ගැබේයා  //

සීත හිමේ ලෙනකට පිවිසුණදෝ
ඈත එපිට ගිරි කුළකට ගියාදෝ //
මෑත මෙපිට මේ අඩෙහිම ලගීදෝ
දෑස අඳුරුවී මා තනි වුණාදෝ

බඹරකු ආවයි නිරිත දිගේයා
හද පෑරූවයි මියුරු රසේයා
මල් පරවූවයි සෝකෙන් බෝවා
කඳුළු ගැලූවයි එලෝ ගැබේයා

සලමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරෙන්
නලමුදු සුවඳ විඳගන්නට ගියත් වරෙන් //
බල බිඳ දමා හිරු යන විට අවරගිරෙන්
බලමින් පිපුණු මල් පැණි බොනු රිසිව වරෙන්

බඹරකු ආවයි නිරිත දිගේයා
හද පෑරූවයි මියුරු රසේයා
මල් පරවූවයි සෝකෙන් බෝවා
කඳුළු ගැලූවයි එලෝ ගැබේයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment