Asata Kadulu Unayi Song Lyrics - ඇසට කඳුළු උනයි ගීතයේ පද පෙළ

Asata Kadulu Unayi Song Lyrics - ඇසට කඳුළු උනයි ගීතයේ පද පෙළ

Asata Kadulu Unayi Song Lyrics - ඇසට කඳුළු උනයි ගීතයේ පද පෙළ
Song Title : Asata Kadulu Unayi (ඇසට කඳුළු උනයි)
ගායනය : ප්‍රදීපා ධර්මදාස, සහය සමන්ත පෙරේරා
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


ඇසට කඳුළු උනයි (ඇසට කඳුළු උනයි)
සැරින් සැරේ (සැරින් සැරේ)
ඝණ සැරේ (ඝණ සැරේ)
මුතු ඇටේ වෙලා ඉන්දියානු සාගරේ (මුතු ඇටේ වෙලා ඉන්දියානු සාගරේ)
එදා බුදුන් වැඩියෙ අපි නිසාලු තුන් සැරේ (බුදුන් වැඩියෙ අපි නිසාලු තුන් සැරේ)
එහෙව් රටේ අපි තාමත් කළුවරේ (එහෙව් රටේ අපි තාමත් කළුවරේ)

අපි ඉහිලුවේ අපට නැතත් දරුවන්ටයි (ඉහිලුවේ)
හිතාගෙනයි ඉහිලුවේ හත් දෙවියනේ (හිතාගෙනයි ඉහිලුවේ හත් දෙවියනේ - දෙවියනේ)
මේ තරම්ම ඇඬිලි දෙඩිලි
ඒ හින්දයි දෙවියනේ (ඒ හින්දයි දෙවියනේ)
බැලූ කලට ගොයම් කන්නෙ (බැලූ කලට ගොයම් කන්නෙ)
අනේ වැටයි නියරයි (අනේ වැටයි නියරයි)
මේ අමාරුකම් පවසන්නට පින් ඇත්තන් විරලයි (පින් ඇත්තන් විරලයි)

ඇසට කඳුළු උනයි (ඇසට කඳුළු උනයි)

මේ හුඟ දෙනා (හුඟ දෙනා )
අපි කන හැටි ලිපා දනී
නොකියා කී
හුඟ දෙනා  දෙනා දැන් නොකියනා (නොකියා කී හුඟ දෙනා  දෙනා දැන් නොකියනා)
රෑ වැටුණු වල දවල් වැටුණු කල
වැටී කටින් නොකියනා (වැටී කටින් නොකියනා)
සඳුන් හරය දී කුණු මොර කන මිනිසුනි මීරියා (සඳුන් හරය දී කුණු මොර කන මිනිසුනි මීරියා)
නඩු නැති රටකට මොනවට (නඩු නැති රටකට මොනවට )
පායනවද සූරියා (පායනවද සූරියා)

ඇසට කඳුළු උනයි (ඇසට කඳුළු උනයි)
සැරින් සැරේ (සැරින් සැරේ)
ඝණ සැරේ (ඝණ සැරේ)
මුතු ඇටේ වෙලා ඉන්දියානු සාගරේ (මුතු ඇටේ වෙලා ඉන්දියානු සාගරේ)
එදා බුදුන් වැඩියෙ අපි නිසාලු තුන් සැරේ (බුදුන් වැඩියෙ අපි නිසාලු තුන් සැරේ)
එහෙව් රටේ අපි තාමත් කළුවරේ (කළුවරේ)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment