Surangana Lowin Awith Song Lyrics - සුරංගනා ලොවින් ඇවිත් ගීතයේ පද පෙළ

Surangana Lowin Awith Song Lyrics - සුරංගනා ලොවින් ඇවිත් ගීතයේ පද පෙළ
Song Title : Surangana Lowin Awith (සුරංගනා ලොවින් ඇවිත්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : සෝමරත්න දිසානායක
තනුව : රෝහණ වීරසිංහ
ඉටි පහන් ටෙලි නාට්‍ය යේ ගීයකි.


සුරංගනා ලොවින් ඇවිත් සුරංගනාවියක්
සුගන්ධ දී දසන්තයේ පිපේ කැලෑ මලක් //

ප්‍රභා කැළුම් නැගී උදාගිරේ
තුෂාරයෙන් පිරී ගලා හැලේ
සියක් රොනින් පිරී
සියක් රුවින් සැදී
සිනාවෙයන් සුගන්ධියේ
ප්‍රබෝධයෙන් පිපී

සුරංගනා ලොවින් ඇවිත් සුරංගනාවියක්
සුගන්ධ දී දසන්තයේ පිපේ කැලෑ මලක්

අනන්තයෙන් එහා ලොවෙන් ඇදී
බිඟුන් නැවුම් රැඟුම් පතා එතී
යොවුන් නුරා පැණී
ඔවුන් උරා ගනී
වහන් වෙයන් වසන්තියේ
බිඳෙයි ලවන් පෙතී

සුරංගනා ලොවින් ඇවිත් සුරංගනාවියක්
සුගන්ධ දී දසන්තයේ පිපේ කැලෑ මලක්
සුරංගනා ලොවින් ඇවිත් සුරංගනාවියක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment