Nihada Kalpana Song Lyrics - නිහඬ කල්පනා ගීතයේ පද පෙළ

Nihada Kalpana Song Lyrics - නිහඬ කල්පනා ගීතයේ පද පෙළ
Song Title : Nihada Kalpana (නිහඬ කල්පනා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : හේමසිරි හල්පිට
තනුව : සුනිල් ධර්මසේන


නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණ ඔබ කෙරේ එලෙසමයි

ඉවත පාවෙලා යන්න සිතුනි දෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බැඳුණි දෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතෙන්
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණ ඔබ කෙරේ එලෙසමයි

අසරණයි මෙමා වැරදි නෑ කළේ කිසි දිනේ
ඔබ සිතේ සමා දෙනු මැනේ ළඳේ පා සෙනේ
හදවතේ බිඳී වේදනා සුසුම් පා වුණේ
නැතිව දෝ අපේ සිත් එදා ලෙසින් යා වුණේ

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණ ඔබ කෙරේ එලෙසමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment