Aluyama Arunalu Song Lyrics - අළුයම අරුණලු ගීතයේ පද පෙළ

Aluyama Arunalu Song Lyrics - අළුයම අරුණලු ගීතයේ පද පෙළ

Aluyama Arunalu Song Lyrics - අළුයම අරුණලු ගීතයේ පද පෙළ
Song Title : Aluyama Arunalu (අළුයම අරුණලු)
ගායනය : සමන්ත පෙරේරා සහ දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


අළුයම අරුණලු දහරක් සේ ඔබ
සිත්සර විකසිත කරනා
මේ කුලගෙය මනරම්
තුන්යම දුක්බර සිහින දමේ ඔබ
උණු කඳුළැලි පිසදමනා
මේ කුලගෙය මනරම්

පෙම්වතියක සඳ කළ කී හුරතල් අමතක සේ
නළලත සිඹ මට සමුගෙනෙනා ඔබ බිරිඳ නොවේ
ඔබ බිරිඳ නොවේ මට දෙවෙනි මවුන්
මුල් දින හිනැහුණු සේ නොවෙනස් ලෙස දිවි ගමනේ
තරු එළියක් දී මඟ කියනා ඔබ පතිඳු නොවේ
ඔබ පතිඳු නොවේ මට පියෙකි උතුම්

දළ රළ ඉවසන වෙරළක් සේ නිති මා සෙවනේ
ලබන ගැහැට නිහඬව දරනා ඔබ මහිම කියන්නට
ඔබ මහිම කියන්නට නොමැත උවම්
අනන්ත රූ මැද දුටුව අරුම මිනිසා හමුවේ
කැදැලි තනා පෙරුමන් පුරනා ඔබ පතිනිය වන්නට
ඔබ පතිනිය වන්නට පෙරූ පිරුම්

අළුයම අරුණලු දහරක් සේ ඔබ
සිත්සර විකසිත කරනා
මේ කුලගෙය මනරම්
තුන්යම දුක්බර සිහින දමේ ඔබ
උණු කඳුළැලි පිසදමනා
මේ කුලගෙය මනරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment