Yapahuwe Punchi Wawata Song Lyrics - යාපහුවේ පුංචි වැවට ගීතයේ පද පෙළ

Yapahuwe Punchi Wawata Song Lyrics - යාපහුවේ පුංචි වැවට ගීතයේ පද පෙළ
Song Title : Yapahuwe Punchi Wawata (යාපහුවේ පුංචි වැවට)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : එච්.එම්. ජයවර්ධන


යාපහුවේ පුංචි වැවට
දරාගන්න බැරි තරමට
කෙකටිය පිපිලා
නුඹේ දෑස පරදිනවට
දුක හිතිලා නිල් තරු කැට
වතුරට වැටිලා //

වැව අද්දර කොහොඹ ගහට
ආලවඩන ඔළිඳ වැලට
තනිවෙන්නට ඉඩදී මට
යන්න හිතෙනවා
තනිවෙන්නට ඉඩදී මට
යන්න හිතෙනවා

යාපහුවේ පුංචි වැවට
දරාගන්න බැරි තරමට
කෙකටිය පිපිලා
නුඹේ දෑස පරදිනවට
දුක හිතිලා නිල් තරු කැට
වතුරට වැටිලා

මං ආවම හේනෙ පැළට
හඳ ඇවිදින් වැව ගාවට
ගෙදර එන්න කියලා මට
නොකියා කියනවා
ගෙදර එන්න කියලා මට
නොකියා කියනවා

යාපහුවේ පුංචි වැවට
දරාගන්න බැරි තරමට
කෙකටිය පිපිලා
නුඹේ දෑස පරදිනවට
දුක හිතිලා නිල් තරු කැට
වතුරට වැටිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment