Minindoru Kanthoruwe Song Lyrics - මිනින්දෝරු කන්තෝරුවේ ගීතයේ පද පෙළ

Minindoru Kanthoruwe Song Lyrics - මිනින්දෝරු කන්තෝරුවේ ගීතයේ පද පෙළ
Song Title : Minindoru Kanthoruwe (මිනින්දෝරු කන්තෝරුවේ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : එච්.එම්. ජයවර්ධන


මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන

පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන
හිස විසාදියට තෙල් උළලා තෝන්තුවා වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට

මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන

දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පාන උනත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන්නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට
වාවන්නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට

මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment