Ulaleno Song Lyrics - උළලේනෝ ගීතයේ පද පෙළ

Ulaleno Song Lyrics - උළලේනෝ ගීතයේ පද පෙළ
Song Title : Ulaleno (උළලේනෝ)
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ගුණදාස කපුගේ


පාළුව දෙවනත් කරලා
නාඬන් උළලේනෝ..
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උළලේනෝ...‍උළලේනෝ..

හීත හුලංහිරිකඩයි කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ...
උළලේනෝ....‍උළලේනෝ...

ඉහිරුණ කිරි කොතලෙට ඉකි බිඳලා ඵල නැහැ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ..
උළලේනෝ....‍උළලේනෝ...

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගිය දා මේ හැම ‍දුක් නැතිවන්නේ...
උළලේනෝ....‍උළලේනෝ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment