Swarna Pradeepaya Mana Song Lyrics - ස්වර්ණ ප්‍රදීපාය මාන ගීතයේ පද පෙළ

Swarna Pradeepaya Mana Song Lyrics - ස්වර්ණ ප්‍රදීපාය මාන ගීතයේ පද පෙළ
Song Title : Swarna Pradeepaya Mana (ස්වර්ණ ප්‍රදීපාය මාන)
ගායනය : ස්වර්ණලතා කවීශ්වර


ස්වර්ණ ප්‍රදීපාය මාන
සූරිය විමනයි
මුළු ලොව තිලකාය මාන
සමනොළ සිරසයි
සූරිය විමනයි
සමනොළ සිරසයි
අහස් හිමේ සදා පිපෙන
මුණි පා පියුමයි

රැළින් රැළට රොද බැද යන
සමනළ සෙනගයි
මලින් මලේ රොනට උරා
ඉගිලෙන ගමනයි
සමනළ සෙනගයි
ඉගිලෙන ගමනයි
මුණි පා පියුමේ රොන් සුනු
සොයනා ගමනයි

ස්වර්ණ ප්‍රදීපාය මාන
සූරිය විමනයි
මුළු ලොව තිලකාය මාන
සමනොළ සිරසයි
සූරිය විමනයි
සමනොළ සිරසයි
අහස් හිමේ සදා පිපෙන
මුණි පා පියුමයි

කුළුණුගුණ දොවා ගත් සිත
මුණි පා හෙවණේ
සදා අප හෙලූ දුකඳුරු
රැහැනින් මිදුනේ
මුණි පා හෙවනේ
හද සමහන් වේ
නිකෙලෙස් සිතුවිලි පිබිදී
සුවඳ දෙවන්නේ

ස්වර්ණ ප්‍රදීපාය මාන
සූරිය විමනයි
මුළු ලොව තිලකාය මාන
සමනොළ සිරසයි
සූරිය විමනයි
සමනොළ සිරසයි
අහස් හිමේ සදා පිපෙන
මුණි පා පියුමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment