Akurata Yannata Song Lyrics - අකුරට යන්නට ගීතයේ පද පෙළ

Akurata Yannata Song Lyrics - අකුරට යන්නට ගීතයේ පද පෙළ
Song Title : Akurata Yannata (අකුරට යන්නට)
ගායනය : ස්වර්ණලතා කවීශ්වර
ගී පද : ජෝජ් රොබ්සන් ද සිල්වා


අකුරට යන්නට කම්මැලි හිතිලා
බොරුවට අඬනා පුංචි දුවේ
මමත් ඔබ වගේ මං පොඩි කාලේ
ඔහොම කලා මට මතක තියේ //
මං පොඩි කාලේ

මල්ලී සමගින් වැලි පොල්කටු ගෙන
සෙල්ලම් ගෙයි බත් උයන්න හිතුනද
නැතිනම් මල්ලිගෙ ඇදුරුතුමිය වී
පුංචි පාසලක් දමන්නට හිතුනද

අකුරට යන්නට කම්මැලි හිතිලා
බොරුවට අඬනා පුංචි දුවේ
මමත් ඔබ වගේ මං පොඩි කාලේ
ඔහොම කලා මට මතක තියේ //
මං පොඩි කාලේ

සෙල්ලම් යුගයක් අවසන් වීලා
සෙල්ලම් ගෙය අමතක වී යන සඳ
කෙලි සෙල්ලම් වල අරුමය මතුවට
වැටහෙයි පාසැල් නොගියොත් හෙම අද

අකුරට යන්නට කම්මැලි හිතිලා
බොරුවට අඬනා පුංචි දුවේ
මමත් ඔබ වගේ මං පොඩි කාලේ
ඔහොම කලා මට මතක තියේ //
මං පොඩි කාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment