Situ Kumariye Obe Sina Song Lyrics - සිටු කුමාරියේ ඔබේ සිනා ගීතයේ පද පෙළ

Situ Kumariye Obe Sina Song Lyrics - සිටු කුමාරියේ ඔබේ සිනා ගීතයේ පද පෙළ
Song Title : Situ Kumariye Obe Sina (සිටු කුමාරියේ ඔබේ සිනා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්
1976 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා දිහා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 1024)


සිටු කුමාරියේ ඔබේ සිනා සඳලුතලාවේ
මගෙ හැඟුම් බිඟුන් හොරෙන් බමාලා
මට ගෙනා කතා ඒ
උන් කියූ කතා ඒ
මගෙ හැඟුම් බිඟුන් කියූ රහස් මේ

පෙරදාක වෙන කවුද ළංවූ බවයි
ඔබ ඉන් මුලාවූ වගයි
මධු යාමයේ ගීත සෝ ගී වෙතැයි
ඔබගේම දෙනුවන් කියයි

සිටු කුමාරියේ ඔබේ සිනා සඳලුතලාවේ
මගෙ හැඟුම් බිඟුන් හොරෙන් බමාලා
මට ගෙනා කතා ඒ
උන් කියූ කතා ඒ
මගෙ හැඟුම් බිඟුන් කියූ රහස් මේ

ළංවීම වෙන්වීම ඔබගේ ලොවේ
එකදාක අරුමේ නොවේ
හැමදාම ඔබ ඒ වගේ නම් ළඳේ
ඔය මල් හිනා නෑ අගේ

සිටු කුමාරියේ ඔබේ සිනා සඳලුතලාවේ
මගෙ හැඟුම් බිඟුන් හොරෙන් බමාලා
මට ගෙනා කතා ඒ
උන් කියූ කතා ඒ
මගෙ හැඟුම් බිඟුන් කියූ රහස් මේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment