Kiyanu Epa Boru Song Lyrics - කියනු එපා බොරු ගීතයේ පද පෙළ

Kiyanu Epa Boru Song Lyrics - කියනු එපා බොරු ගීතයේ පද පෙළ
Song Title : Kiyanu Epa Boru (කියනු එපා බොරු)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්
1976 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා දිහා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 1024)


කියනු එපා බොරු කියනු එපා
මා රවටන්නට හඬනු එපා
මා මෙහි නොසිටිය දින කීපය තුළ
සිදුවූ දේ සඟවන්න එපා

මවුපිය නෑ කැල එරෙහි වුණේ
හිතමිතුරන් මා අයින් කළේ
ඔබ වෙත බැඳි ඒ සෙනෙහස හින්දයි
දිගු සැප සම්පත් අහිමි වුණේ

කියනු එපා බොරු කියනු එපා
මා රවටන්නට හඬනු එපා

කෙලෙසද සෙනෙහස සසල වුණේ
කවුරුද ඔබෙ හිත පලුදු කළේ
ඔබ සැඟවූවද මම ඔහු හඳුනමි
වූ දේ සේරම ආරංචියි

කියනු එපා බොරු කියනු එපා
මා රවටන්නට හඬනු එපා
මා මෙහි නොසිටිය දින කීපය තුළ
සිදුවූ දේ සඟවන්න එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment