සව් බොර බිස්කට් හදමු (Saw Bora Biscuits)

සව් බොර බිස්කට් හදමු (Saw Bora Biscuits) - Your Choice Way

ගෑස් ලිපේ  සව් බොර හදමු 🍪 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • සව් හාල් ග්‍රෑම් 100
  • බෑයක පොල් (ළපටි පොල් ගන්න එපා)
  • බිස්කට් කුඩු ග්‍රෑම් 100
  • සීනි ග්‍රෑම් 100
  • බටර් මේස හැදි 2
  • ෆ්‍රෙශ් මිල්ක් මේස හැදි 3

✅ සාදා ගන්නා ආකාරය :

  1. ▪️ මුලින්ම සව් හාල් ටික කබලේ බැද ගන්න ටිකක් රන්වන් පාට වෙනකන්.ඕනවට වඩා ගින්දර වැඩි කර ගන්න එපා.
  2. ▪️ පසුව පොල්, සීනි,බිස්කට් කුඩු බෝල් එකකට දාලා හොදින් අතින් කවලම් කරන්න.
  3. ▪️ දැන් බැදගත් සව් ටික, බටර්,fresh milk  ටිකත් ඒකටම එකතු කරල හොඳින් අනන්න. 🔹 fresh milk ඕනම නෑ.කිරි පිටි (හයිලන්ඩ් හෝ පැලවත්ත 😁) නැත්නම් උණු වතුර ගන්න පුළුවන්. කිරි එකතු කලාම රස වැඩියි.
  4. ▪️ පසුව කැමති හැඩයකට තුනී කරල කපා ගන්න.(මම ගත්තෙ ජෑම් බෝතල් පියනක්) ලොකුවට ඝනකම් වෙන්න ගන්න එපා.
  5. ▪️ දැන් ගෑස් ලිපේ තැටිය තියල හොඳට රත් උනාම විනාඩි 10 ක් වගේ හොඳට දෙපැත්ත දාල පුළුස්ස ගත්ත. හැබැයි ගෑස් එකේ ගින්දර දාන ප්‍රමාණය අනුව වෙලාව තීරණය කර ගන්න. මොනව උනත් හරිම පහසුයි ලේසියි.
  6. ▪️ මට මේ සේරටම ගියේ විනාඩි 35 යි.එච්චර වෙලා යන්නෙත් නෑ පොල් ගා ගනිපු ඒවා එහෙම තිබුණ නම්.පැය භාගෙ online interval එකට හැදුවෙ.හදල තේ බීල ආයෙම පංතියත් පටන් ගත්ත.😁
🔹 කඩේ සව් බොර පැකට් එකක් රු.60 ක් වෙනව නේද? තියෙන්නෙ කීයද එකක.ඒත් මෙහෙම හදා ගත්තම සතියකට ඇති මට නම්.

🔹🔹 ලිපේ නැතුව ඕන නම් oven එකේ හදන්නත් පුළුවන්.150°C ෆ්‍රී හීට් කර ගෙන විනාඩි 15 ක් වගේ bake කර ගන්න. 👍👍

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනව 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
සව් බොර බිස්කට් හදමු (Saw Bora Biscuits) - Your Choice Way

සව් බොර බිස්කට් හදමු (Saw Bora Biscuits) - Your Choice Way

සව් බොර බිස්කට් හදමු (Saw Bora Biscuits) - Your Choice Way

සව් බොර බිස්කට් හදමු (Saw Bora Biscuits) - Your Choice Way

සව් බොර බිස්කට් හදමු (Saw Bora Biscuits) - Your Choice Way

සව් බොර බිස්කට් හදමු (Saw Bora Biscuits) - Your Choice Way

සව් බොර බිස්කට් හදමු (Saw Bora Biscuits) - Your Choice Way

සව් බොර බිස්කට් හදමු (Saw Bora Biscuits) - Your Choice Way
👇 මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්.ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment