Obata Yannama Ona Nam Song Lyrics - ඔබට යන්නම ඕනෑ නම් ගීතයේ පද පෙළ

Obata Yannama Ona Nam Song Lyrics - ඔබට යන්නම ඕනෑ නම් ගීතයේ පද පෙළ
Song Title : Obata Yannama Ona Nam (ඔබට යන්නම ඕනෑ නම්)
ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ


ඔබට යන්නම ඕනෑ නම්
ඔබ යන්න ඉතින් නික්මී
මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි //

පුරහද දියවෙනවා සේ
කළුවරටත් නොකියා
ඔබ යන්න කලා සොලොසම සපුරා
හෙට මළගම දා දියවක වී
ඉදින්න සුදු ඇදලා

ඔබට යන්නම ඕනෑ නම්
ඔබ යන්න ඉතින් නික්මී
මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි

තරුවක් බැස යනවා සේ
පා සලකුණු නොතියා
ඔබ යන්න පාළු අහසින් බැසලා
හෙට මළ හිරුගේ ඉහඉද්දර
ඉන්න ඇවිත් පායා

ඔබට යන්නම ඕනෑ නම්
ඔබ යන්න ඉතින් නික්මී
මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment