Nadi Rala Pela Song Lyrics - නදී රළ පෙළ ගීතයේ පද පෙළ

Nadi Rala Pela Song Lyrics - නදී රළ පෙළ ගීතයේ පද පෙළ
Song Title : Nadi Rala Pela (නදී රළ පෙළ)
ගායනය : සමන්ත පෙරේරා
පද : ප්‍රියන්ත කොළඹගේ
තනුව : සමන්ත පෙරේරා


නදී රළ පෙළ සුසුම්ලයි පවසින්
හඬා වැටුණා රිදුම් දී සුළඟින්
සිතට දැනුණා ලොවම නැති ලෙසකින්
බැඳුණු අත්වැල බිඳුණි දෝ කෙලෙසින්

සියක් විට සිත මලින් බරවී
සුවඳ සිත ළඟ තබා පරවේ
කොතෙක් ආවද හදක් පුබුදන්නේ
කෙනෙක් පමණයි සිතක් හඳුනන්නේ

නදී රළ පෙළ සුසුම්ලයි පවසින්
හඬා වැටුණා රිදුම් දී සුළඟින්
සිතට දැනුණා ලොවම නැති ලෙසකින්
බැඳුණු අත්වැල බිඳුණි දෝ කෙලෙසින්

දිනක් අහසට සඳත් බරවෙයි
අඳුර තනිකොට එළිය වියැකෙයි
මෙතෙක් දුර ආ බවක් නොහැඟෙන්නේ
ඔබේ හිත නෑ මගේ ළඟ උන්නේ

නදී රළ පෙළ සුසුම්ලයි පවසින්
හඬා වැටුණා රිදුම් දී සුළඟින්
සිතට දැනුණා ලොවම නැති ලෙසකින්
බැඳුණු අත්වැල බිඳුණි දෝ කෙලෙසින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment