Me Bus Newathuma Song Lyrics - මේ බස් නැවතුම ගීතයේ පද පෙළ

Me Bus Newathuma Song Lyrics - මේ බස් නැවතුම ගීතයේ පද පෙළ
Song Title : Me Bus Newathuma (මේ බස් නැවතුම)
ගායනය : පුන්සිරි සොයිසා
තනුව : අශෝක් පීරිස්
පද : චන්ද්‍රදාස ප්‍රනාන්දු


මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ //

ඉස්සර හවසට ඔබ එනතුරු මම
මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

ප්‍රේමය නිමවුන මා අද තනිවම
රියකට මෙතනින් ගොඩවෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනේ ඉඳගෙන යනවා

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment