Mal Mada Biso Ithin Song Lyrics - මල් මද බිසෝ ඉතින් ගීතයේ පද පෙළ

Mal Mada Biso Ithin Song Lyrics - මල් මද බිසෝ ඉතින් ගීතයේ පද පෙළ
Song Title : Mal Mada Biso Ithin (මල් මද බිසෝ ඉතින්)
ගායනය : රොඩ්නි වර්ණකුල
තනුව : ඔස්ටින් මුණසිංහ
පද : රත්න ශ්‍රී විජේසිංහ
වේදිකා නාට්‍යය : බිසෝ


මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
දෝතක් බොන්න දියන්

නෑ මට රජ වාසල සීනි කන්න කෑදරකං
නෑ මට රජ වාසල සීනි කන්න කෑදරකං
අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕන තරම්
අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕන තරම්
මේ මල් පිපෙණ රටට තව මොකටද සුවඳ සඳුන්
මේ මල් පිපෙණ රටට තව මොකටද සුවඳ සඳුන්
අපි දෙන්නට දෙන්නා සුවඳ වෙලා ඉන්නවනම්
අපි දෙන්නට දෙන්නා සුවඳ වෙලා ඉන්නවනම්

මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
දෝතක් බොන්න දියන්

රෑ හඳ එළිය ඇවිත් හීන් සැරේ ඉහට උඩින්
රෑ හඳ එළිය ඇවිත් හීන් සැරේ ඉහට උඩින්
සීපදයක් වාගේ කොඳුරනකොට කණට හෙමින්
සීපදයක් වාගේ කොඳුරනකොට කණට හෙමින්
මේ පලු වීර ගහක හෙවණේ ඉන්නට ඇත්නම්
මේ පලු වීර ගහක හෙවණේ ඉන්නට ඇත්නම්
අපි දෙන්නට දෙන්නා අයිතියි ඇහැ පියවෙනකල්
අපි දෙන්නට දෙන්නා අයිතියි ඇහැ පියවෙනකල්

මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
මල් මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
අරගෙන රිදී කළේ රිදී වතුර ගෙදර යමන්
දෝතක් බොන්න දියන්

දෝතක් බොන්න දියන් ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment