Kumatada Sobaniye Song Lyrics - කුමටද සොබනියෙ ගීතයේ පද පෙළ

Kumatada Sobaniye Song Lyrics - කුමටද සොබනියෙ ගීතයේ පද පෙළ
Song Title : Kumatada Sobaniye (කුමටද සොබනියෙ)
ගායනය : රොඩ්නි වර්ණකුල
සංගීතය : ලයනල් අල්ගම
ගී පද : දයානන්ද ගුණවර්ධන
වේදිකා නාට්‍යය : නරි බෑනා


කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරනේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම් //

සඳ පායන කල ගඟබඩ ඉදගෙන
‍ඔබෙ හිස පීරන්නම්
මල් පෙති විසිරුනු සුදු වැලි මතුපිට
‍ඔබ ගෙන ඇවිදින්නම්
සොදුරියෙ ආදර බස් දෙන්නම් //

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරනේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම් //

තණ අග දිලිසෙන පිණි කැට අරගෙන
ඔබෙ ඇග දෝවන්නම්
ඉරපායන විට පුබුදින මල් ගෙන
ඔබෙ හිස සරසන්නම්
කොමලියෙ ආදර බස් දෙන්නම් //

කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරනේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment