Ma Nuwan Hadawa Song Lyrics - මා නුවන් හඬවා ගීතයේ පද පෙළ

Ma Nuwan Hadawa Song Lyrics - මා නුවන් හඬවා ගීතයේ පද පෙළ
Song Title : Ma Nuwan Hadawa (මා නුවන් හඬවා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : සරත් දසනායක
1975 දී "ලෝටස්" ලේබලයෙන් නිකුත්වූ "ඔබේ සිනාවේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.


මා නුවන් හඬවා
ඔබගේ සුසුම් රඳවා
ආදරේ දුන් වේදනා
ජීවේ පුරා යාවෙලා

ජීවිතේ අඹරේ
හිනැහී පෙමින් සඳ සේ
පාරවා හිත පාරවා
වෙන්වී ගියේ ඇයි ළඳේ

මා නුවන් හඬවා

ආදරෙන් ළංවූ
නොසිතූ ලෙසින් වෙන්වූ
මා ඔබේ දිවි මාවතේ
බාධාව වීදෝ ළඳේ

මා නුවන් හඬවා
ඔබගේ සුසුම් රඳවා
ආදරේ දුන් වේදනා
ජීවේ පුරා යාවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment