Ma Neth Kadalle Song Lyrics - මා නෙත් කැදැල්ලේ ගීතයේ පද පෙළ

Ma Neth Kadalle Song Lyrics - මා නෙත් කැදැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Ma Neth Kadalle (මා නෙත් කැදැල්ලේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : වික්ටර් රත්නායක


මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා
රොන් සොයාලා //

බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති
ගෙනෙමි දුර ඈත විලකින් බලා //
ඒ මැද ඔඛෙ යහන සාදන්නෙ නා දල්ලෙනුයි
සුවඳ උලා

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා
රොන් සොයාලා

අරුණ පිණි බිංදුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේ කුලක කලතා නිවා //
ඉන්මතු කිසි දාක යන්නෙහිද හද රන් ලෙනේ
පහන නිවා

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා
රොන් සොයාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment