Adaren Mese Katha Wewi Song Lyrics - ආදරෙන් මෙසේ කතා වෙවී ගීතයේ පද පෙළ

Adaren Mese Katha Wewi Song Lyrics - ආදරෙන් මෙසේ කතා වෙවී ගීතයේ පද පෙළ
Song Title : Adaren Mese Katha Wewi (ආදරෙන් මෙසේ කතා වෙවී)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
පද රචනය : සෝමපාල ලීලානන්ද
සංගීතය : රූකාන්ත ගුණතිලක


ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමු
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු
වාසනා වෙතේ සංසාරේ

මාලිගා එපා වුණා
නෑසියන් එපා වුණා
ජීවිතේ මගේ ඔබේ වුණා

කාටවත් කියා නැතී
ආදරේ වදන් ඇසී
ජීවිතේ ඔබේ මගේ වුණා

බාල සන්දියේ එදා
ආදරෙන් හිනා වෙලා
කී කතා යලි අසා ඉමු

ජීවිතෙන් අපි යලි
වෙන් වෙනා වු යම් දිනේ
ඒ මගේ ද එක්වෙලා යමු

ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමු
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු
වාසනා වෙතේ සංසාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment