Lidak Laga Pem Rata Song Lyrics - ළිඳක් ළඟ පෙම් රටා ගීතයේ පද පෙළ

Lidak Laga Pem Rata Song Lyrics - ළිඳක් ළඟ පෙම් රටා ගීතයේ පද පෙළ
Song Title : Lidak Laga Pem Rata (ළිඳක් ළඟ පෙම් රටා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ස්ටැන්ලි පීරිස්
1976 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "ප්‍රේමේ මායා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 1019)


ළිඳක් ළඟ පෙම් රටා
වැටක් ළඟ පෙම් කතා
යොවුන් මල් මාවතේ
පියුම් රොන් ජීවිතේ

අතින් අත ළංවෙලා
පහන් තරු දැල්විලා
යොවුන් මල් මාවතේ
පියුම් රොන් ජීවිතේ

වසන්තේ උපන්නේ ආදරේ මන්දිරෙන්
නුරා ගී ඇසෙන්නේ යෞවනේ ලෙන් දොරින්
පෙමින් උපන් යහළුවනේ
පෙමින් උපන්  යෙහෙළියනේ
ඔබේ පැතුම් වාසනා වේවා

ළිඳක් ළඟ පෙම් රටා
වැටක් ළඟ පෙම් කතා
යොවුන් මල් මාවතේ
පියුම් රොන් ජීවිතේ

අතින් අත ළංවෙලා
පහන් තරු දැල්විලා
යොවුන් මල් මාවතේ
පියුම් රොන් ජීවිතේ

අදින් හෝ හෙටින් හෝ පෙම් උදාන ළංවී
හදේ සෝ තැවුල් දුන් වේදනා තුරන් වී
සෙනේහයේ සිහිලැල්ලේ
සිනා කිකිණි ඕවිල්ලේ
ඔබේ පැතුම් වාසනා වේවා

ළිඳක් ළඟ පෙම් රටා
වැටක් ළඟ පෙම් කතා
යොවුන් මල් මාවතේ
පියුම් රොන් ජීවිතේ

අතින් අත ළංවෙලා
පහන් තරු දැල්විලා
යොවුන් මල් මාවතේ
පියුම් රොන් ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment