Kandulak Thala Song Lyrics - කඳුළක් තලා ගීතයේ පද පෙළ

Kandulak Thala Song Lyrics - කඳුළක් තලා ගීතයේ පද පෙළ
Song Title : Kandulak Thala (කඳුළක් තලා)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
ලද රචනය : යමුනා මාලිනී පෙරේරා
තනුව : තිස්සසිරි පෙරේරා


කඳුළක් තලා
මඟුල් මුදුවක් හදන්
නැකතක් අරන්
මම එන්නම්
දෙවුරක් පලා
හද දැවෙනා තරම්
නුඹට විතරක් බලන්නට දෙන්නම්

සයුරෙන් එහා
නිල් අහසින් මෙහා
ක්ෂිතිජේ ඉරේ හිස තියා
පැතුමේ වෙලී නෙතු පියා
හිරු මියෙනා පැයේ
නුඹ කඳුළක් දරාගෙන හිටියා

කඳුළක් තලා
මඟුල් මුදුවක් හදන්
නැකතක් අරන්
මම එන්නම්
දෙවුරක් පලා
හද දැවෙනා තරම්
නුඹට විතරක් බලන්නට දෙන්නම්

තරුවක් පුරා
මම කවියක් ලියා
සඳුගේ රැයට ඉඩ තියා
හිඳිනා වෙලේ දුක කියා
අපෙ හිතටත් හොරා
අප අපගෙන් දුරස් වී ගියා

කඳුළක් තලා
මඟුල් මුදුවක් හදන්
නැකතක් අරන්
මම එන්නම්
දෙවුරක් පලා
හද දැවෙනා තරම්
නුඹට විතරක් බලන්නට දෙන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment