Ganga Diya Wel Gala Song Lyrics - ගංගා දිය වැල් ගලා ගීතයේ පද පෙළ

Ganga Diya Wel Gala Song Lyrics - ගංගා දිය වැල් ගලා ගීතයේ පද පෙළ
Song Title : Ganga Diya Wel Gala (ගංගා දිය වැල් ගලා)
ගායනය : පුන්සිරි සොයිසා
තනුව : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ


ගංගා දිය වැල් ගලා
යන ලෙස ඉදිරිය බලා
බාධක හැම බිඳ හෙලා
යමු යමු පෙරමුණ බලා //

වන පෙත් හෙලි වේ
රන් කෙත් සරු වේ
කම්හල් ඉදිවේ මේ දෙරණේ
ජන රජ දහනේ
ජය දද හෙවණේ
අප අද බොන්නේ ජය පානේ

ගංගා දිය වැල් ගලා
යන ලෙස ඉදිරිය බලා
බාධක හැම බිඳ හෙලා
යමු යමු පෙරමුණ බලා

අළුයම අහසේ
පායන හිරු සේ
පිබිදී හඬවා ජය සංකා
සව් සිරි සපුරා
රන් කෙත් වපුරා
සුරකිව් සැමදා ශ්‍රී ලංකා

ගංගා දිය වැල් ගලා
යන ලෙස ඉදිරිය බලා
බාධක හැම බිඳ හෙලා
යමු යමු පෙරමුණ බලා //

යමු යමු පෙරමුණ බලා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment