Gamane Gim Niwu Eda Song Lyrics - ගමනේ ගිම් නිවූ එදා ගීතයේ පද පෙළ

Gamane Gim Niwu Eda Song Lyrics - ගමනේ ගිම් නිවූ එදා ගීතයේ පද පෙළ
Song Title : Gamane Gim Niwu Eda (ගමනේ ගිම් නිවූ එදා)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම් කේ රොක්සාමි


ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා //

මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා
ගන අන්ධකාරේ පාළුවේ කිමිදුණා
තනි වූයෙ ඔබ නොවේ මා පවා තනිවුණා

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා

ඔබ මං මුළා වෙලා ගියා - පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ පිරමිදයේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment