Duru Kathara Gewagena Song Lyrics - දුරු කතර ගෙවාගෙන ගීතයේ පද පෙළ

Duru Kathara Gewagena Song Lyrics - දුරු කතර ගෙවාගෙන ගීතයේ පද පෙළ
Song Title : Duru Kathara Gewagena (දුරු කතර ගෙවාගෙන)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : එච් එම් ජයවර්ධන


දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ //

දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා

දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ

මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගමට ඇවිත් ඉන්නට බැරිවුණා

දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment