Athethaya Song Lyrics - අතීතය ගීතයේ පද පෙළ

Athethaya Song Lyrics - අතීතය ගීතයේ පද පෙළ
Song Title : Athethaya (අතීතය)
Artist : Eshanie Madhurika Suriyaarachchi
Lyrics : Chathurika Vinodi Perera
Melody & Music : Tharindu Damsara
Music composition, Mixing & Mastering : Sanjula Himala  
Illustrations : Himath Hasaranga
Video Animations : Tharuka Dilshan, Himath Hasaranga
Art Work : Himath Hasaranga
Photography : Chamika Sathsarani Lamahewa


නොලියාම සැඟවිය යුතුමය
ඇනි ඇනී හද රිදවන දුක
ලියා දැන්විය නොහැකිය
ප්‍රේමයත් ඔබ වගේමය

රැගෙන පියවර හෙමින් ඔසවමි
වැළපෙනා විලෝ ගස් මැද
දන්නා හඳුනන පාරක
නන්නාඳුනා විලසට
ඒ ඔබයි සැක කරමි... නැවතෙමි...
එසැණින් පිටුපස නොබලමි...

ඉර දනින් වැටෙන දවසක
ගල් වුණ හදවත සඳවත
ඉක්බිති එලඹෙන අඳුරට
ඔබ කියන්නේ ගනඳුරු රැය
රැගෙන යා හැකිද මොහොතක
මම කියන්නේ... ඔබ සිටි අතීතය...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment