Asata Asuwana Mayime Song Lyrics - ඇසට අසුවන මායිමේ ගීතයේ පද පෙළ

Asata Asuwana Mayime Song Lyrics - ඇසට අසුවන මායිමේ ගීතයේ පද පෙළ   Post settings Labels No matching suggestions Published on 12/11/21 11:58 AM Links Location Search Description Options Loading...
Song Title : Asata Asuwana Mayime (ඇසට අසුවන මායිමේ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : මහින්ද දිසානායක
තනුව : ගුණදාස කපුගේ


ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල් විලේ
ළසෝ ලැව් ගිනි ඇවුලුණා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ //

සියපතක් මත විසුළ පිණි කැට
සැඩ සුළං වැද සර සරින් හෙත //
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැඟේ සිහියට

ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල් විලේ
ළසෝ ලැව් ගිනි ඇවුලුණා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමනයුරු දැක //
ඔබේ ලවනත සැදුන මීවිත
මත් කළා මතකයි මගේ සිත

ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල් විලේ
ළසෝ ලැව් ගිනි ඇවුලුණා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment