දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 12 ජාත්‍යාන්තර මධ්‍යස්ථ දිනය (Significance Of The Day - December 12 International Day Of Neutrality)

දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 12 ජාත්‍යාන්තර මධ්‍යස්ථ දිනය (Significance Of The Day - December 12 International Day Of Neutrality) - Your Choice Way
දෙසැම්බර් මාසයේ 12 වෙනිදට “ජාත්‍යාන්තර මධ්‍යස්ථ දිනය” යෙදිලා තියෙනවා.

මේ වගේ දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ තමයි ජාත්‍යන්තර සබඳතාවල මධ්‍යස්ථභාවයේ වටිනාකම ගැන ලෝකවාසීන්ගේ අවධානය යොමු කිරීම සහ දැනුවත් කිරීම. මොකක්ද මේ “ජාත්‍යාන්තර මධ්‍යස්ථ දිනය” කියන්නෙ? මෙතන “මධ්‍යස්ථභාවය” කියලා කියන්නෙ රටක්, ලෝකයේ අනිත් රටවල් එක්ක කටයුතු කරනකොට දක්වන්න ඕන අපක්ෂපාතී ක්‍රියා කලාපයයි.

“මධ්‍යස්ථභාවය” කියලා අදහස් කරන්නෙ මොනවද කියලා, එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ ලැයිස්තුවක් හදලා තියෙනවා.

එයින් කිහිපයක් අපි බලමු.
  1. වෙනත් රාජ්‍යයන් අතර යුද්ධයකට සහභාගී වීමෙන් රාජ්‍යයක් වැළකී සිටීම
  2. යුධවාදීන් කෙරෙහි අපක්ෂපාතී ආකල්පයක් පවත්වා ගැනීම
  3. සියලුම රටවල ස්වෛරීභාවය ආරක්ෂා කිරීම
  4. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ස්වාධීනව හා පලදායී ලෙස ක්‍රියා කිරීම සඳහා දේශපාලනික වශයෙන් චෝදනා එල්ල වන අවස්ථාවන්හිදී සියලු දෙනාගේ විශ්වාසය හා සහයෝගය ලබා ගැනීම හා පවත්වා ගැනීම
මේ විදිහට රට රටවල ජාතික ප්‍රතිපත්ති වලින් ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමට දායක කර ගන්න පුලුවන් වගේම, ලෝකයේ රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සම්බන්ධතා වර්ධනය කරගන්නත් පුලුවන්.

ඒ වගේම අනිත් අතට එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, කිසිම පක්ෂග්‍රාහී බවක් නැතුව, තමන්ගේ සාමාජික රටවල ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳන්න උදව් කරන්නත් බැඳිලා ඉන්නවා. සාමාජික රටවල අලුතෙන් අර්බුද මතුවීම සහ උත්සන්නවීම වළක්වන්නත් කටයුතු කරනවා. මධ්‍යස්ථභාවය ඉහළින්ම තියෙන රටවලට හදිසි අවස්ථාවක් හෝ ස්වභාවික විපතක් වුණාම මානුෂීය ආධාර සපයන්නත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බැඳිලා ඉන්නවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment