Ma Priya Himiyani Song Lyrics - මා ප්‍රිය හිමියණි ගීතයේ පද පෙළ


Song Title : Ma Priya Himiyani (මා ප්‍රිය හිමියණි)
ගායනය : ඉන්ද්‍රනි බෝගොඩ සහ ෂෙල්ටන් පෙරේරා
පද රචනය : ක්‍රිස්ටි ගුණසේකර‌
තනුව : චන්ද්‍රදාස බෝගොඩ


මා ප්‍රිය හිමියණි රැය නිදි නොලබා
පහන් කළෙමි ඔබෙ රුව දකිනා තුරු
සයුරෙහි දළ රළ වෙරළට පෙරළී
මා හද වෙලුවා සිතුවිලි බියකරු

නැගෙන කුණාටුව
සීතල වැහිපොද
නොතකා දියඹට ඔරුව ගෙනාවේ
මා පොඩි පුතු හා ඔබ රැක ගන්නයි
දෑතේ සවි බල හබලට යෙදුවේ

මා ප්‍රිය හිමියණි

කොතැනක හිටියත් දෙවි රැකවරණින්
ඔබගේ අරමුණු සැම ඉටුවන්නට
පතනෙමි හිමියණි
දුක් නොදැනෙන්නට
එපා තවත් දුර ඈතට යන්නට
මා ප්‍රිය හිමියණි

පොල් අතු කුටියක
පුතු තුරුළට ගෙන
ඔබ නිදනා හැටි සිහියට නැගුණා
හෙට එළිවන්නට පෙර ඔබ දෙදෙනා
දැක ගන්නට මම ගෙපැලට එනවා

මා ප්‍රිය හිමියණි රැය නිදි නොලබා
පහන් කළෙමි ඔබෙ රුව දකිනා තුරු
සයුරෙහි දළ රළ වෙරළට පෙරළී
මා හද වෙලුවා සිතුවිලි බියකරු

නැගෙන කුණාටුව
සීතල වැහිපොද
නොතකා දියඹට ඔරුව ගෙනාවේ
මා පොඩි පුතු හා ඔබ රැක ගන්නයි
දෑතේ සවි බල හබලට යෙදුවේ

මා ප්‍රිය හිමියණි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment