Soduriya Song Lyrics - සොදුරිය ගීතයේ පද පෙළ

Soduriya Song Lyrics - සොදුරිය ගීතයේ පද පෙළ
Song Title : Soduriya (සොදුරිය)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සමන්ත හේරත්
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


සොඳුරිය කාලය කොතරම් නපුරුද..
දිවි හිමියෙන් කඳුළැලි පුරවා ගෙන..
රැකගත් ආලය උදුරා ගෙන ගිය..
කාලය කොතරම් නපුරුද සොඳුරිය..

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළැවුනු යුගයක..
හද රැදි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය..

සොඳුරිය කාලය කොතරම් නපුරුද..
දිවි හිමියෙන් කඳුළැලි පුරවා ගෙන..
රැකගත් ආලය උදුරා ගෙන ගිය..
කාලය කොතරම් නපුරුද සොඳුරිය..

ලොවට හොරා විළිලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක..
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය..

සොඳුරිය කාලය කොතරම් නපුරුද..
දිවි හිමියෙන් කඳුළැලි පුරවා ගෙන..
රැකගත් ආලය උදුරා ගෙන ගිය..
කාලය කොතරම් නපුරුද සොඳුරිය..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment