Sihina Kumari Ma Denethe Rangana Song Lyrics - සිහින කුමාරි මා දෙනෙතේ රඟනා ගීතයේ පද පෙළ

Sihina Kumari Ma Denethe Rangana Song Lyrics - සිහින කුමාරි මා දෙනෙතේ රඟනා ගීතයේ පද පෙළ
Song Title : Sihina Kumari Ma Denethe Rangana (සිහින කුමාරි මා දෙනෙතේ රඟනා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : වර්නන් පෙරේරා


සිහින කුමාරි මා දෙනෙතේ රඟනා
සෙනෙහෙ අමා බිඳු මුදු දෙතොලේ සැලෙනා
සුවිසල් රටකින් සමුගෙන ආ මොහොතේ
ඔබ හැර දසුනක් නෑ මට මේ දියතේ

සුර අඟනුන්ගේ නෙත් සර වැදිලා
මිදිලා තිබු දෑසේ
සිහිල ගැලූ ඒ ඔබ දුටු මොහොතේ
මා හිතවත් දිගැසේ

සිහින කුමාරි මා දෙනෙතේ රඟනා
සෙනෙහෙ අමා බිඳු මුදු දෙතොලේ සැලෙනා

මින් පසු ඔබගේ දසුනෙන් කිසිදා
ඈත් නොවී ඉන්නම්
ඇස් දෙක වාගේ සෙනෙහස ඔබගේ
මහදේ සතපන්නම්

සිහින කුමාරි මා දෙනෙතේ රඟනා
සෙනෙහෙ අමා බිඳු මුදු දෙතොලේ සැලෙනා
සුවිසල් රටකින් සමුගෙන ආ මොහොතේ
ඔබ හැර දසුනක් නෑ මට මේ දියතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment