Sayure Pawee Wenwee Giye Song Lyrics - සයුරේ පාවී වෙන්වී ගියේ ගීතයේ පද පෙළ

Sayure Pawee Wenwee Giye Song Lyrics - සයුරේ පාවී වෙන්වී ගියේ ගීතයේ පද පෙළ
Song Title : Sayure Pawee Wenwee Giye (සයුරේ පාවී වෙන්වී ගියේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : වර්නන් පෙරේරා


සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ //

දිනකර දවාලයි දවස පුරා මා
ඉමකර නැගේ මුදු සිසිල සලා
දවස පුරා හෝ මුළු රැය පුරා හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ

සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ //

දවස ගෙවී යයි දියඹ සරා මා
ඈත ඇදේ යළි දියත පුරා
දුර රටකදී හෝ ළඟපාතදී හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ

සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment