Seetha Diya Rel Sala Song Lyrics - සීත දිය රැල් සලා ගීතයේ පද පෙළ

Seetha Diya Rel Sala Song Lyrics - සීත දිය රැල් සලා ගීතයේ පද පෙළ
Song Title : Seetha Diya Rel Sala (සීත දිය රැල් සලා)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය : ධර්මදාස පරණගම
සංගීතය : චන්ද්‍රදාස බෝගොඩ


සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා

කල් බලන් සිටිය බඹරින්දා
විල් තෙරෙන් හමන මද නල හා
මුසුව සියපත් දෙතොල් පොපියා
මුසුව සියපත් දෙතොල් පොපියා
හාදු දී මා දිහා බැලුවා

සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා

විල් තෙරේ පීනු සුකුමාලා
රත් පියුම් රේණු මා දැකලා
ඇයිද බියපත්ව රත් පියුමේ
ඇයිද බියපත්ව රත් පියුමේ
හාදු දී මා දිහා බැළුවේ

සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment