Sandaluthale Oba Sitiya Bala Song Lyrics - සඳළුතලේ ඔබ සිටියා බලා ගීතයේ පද පෙළ

Sandaluthale Oba Sitiya Bala Song Lyrics - සඳළුතලේ ඔබ සිටියා බලා ගීතයේ පද පෙළ
Song Title : Sandaluthale Oba Sitiya Bala (සඳළුතලේ ඔබ සිටියා බලා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


සඳළුතලේ ඔබ සිටියා බලා
ඈත තියා මම දුටුවා
අසු පිට එන සඳ ඔබ දැකගන්නට
තවත් සඳක් දෝ මට සිතුණා

ඔබ මා සතු නම් වෙන සැප කුමටද
ම සිත සැලෙයි ඔබ දුටුව පැයේ
පුලින තලාවට ඇඳිරි වෙලාවක
සිතුවිලි කුටියේ සිහින රැයේ

රජ මැදුරක ඔබ සැතපෙන යහනක
සුව පහසුව නැත මගෙ කුටියේ
එනමුදු ඔබහට බැඳි මා සෙනෙහස
දිවි ඇති තුරු මා හදෙහි තියේ

සඳළුතලේ ඔබ සිටියා බලා
ඈත තියා මම දුටුවා
අසු පිට එන සඳ ඔබ දැකගන්නට
තවත් සඳක් දෝ මට සිතුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment