Sanda Rekawen Basina Liye Song Lyrics - සඳ රේඛාවෙන් බසින ලියේ ගීතයේ පද පෙළ

Sanda Rekawen Basina Liye Song Lyrics - සඳ රේඛාවෙන් බසින ලියේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Rekawen Basina Liye (සඳ රේඛාවෙන් බසින ලියේ)
ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : කලණි පෙරේරා
ගී පද : හේමසිරි ගුණතුංග


සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසලා වඩින ලියේ
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා
විජයිඳු පහයට වඩින ලියේ
සඳ රේඛාවෙන් බසින ලියේ

බුදුගුණ ලකරින් මංගල සුතුරින්
පිරුවානා කවි සිලෝ කියා
ආශිර්වාදය කළ මැන පුතු හට
සරසවි දැහැනෙන් තිලක තියා

සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසලා වඩින ලියේ
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා
විජයිඳු පහයට වඩින ලියේ
සඳ රේඛාවෙන් බසින ලියේ

සුදම් සභාවේ මුල් පෙළ හිඳිනා
හෙල විරුවන්ගේ කතා කියා
දෑ අභිමානය දෙනු මැන පුතු හට
සඳකඩ පහනේ සිරස තියා

සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසලා වඩින ලියේ
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා
විජයිඳු පහයට වඩින ලියේ
සඳ රේඛාවෙන් බසින ලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment