Dethol Nokide Song Lyrics - දෙතොල නොකීදේ ගීතයේ පද පෙළ

Dethol Nokide Song Lyrics - දෙතොල නොකීදේ ගීතයේ පද පෙළ
Song Title : Dethol Nokide (දෙතොල නොකීදේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රඤනය : ලූෂන් බුලත්සිංහල
තනුව : විශාරද ගුණදාස කපුගේ


දෙතොල නොකීදේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉර හඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවා වුණේ

හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
පුංචි හිතේ පොඩි මදු මල් පිපිලාදෝ //
ගෙදර බුදුන් මුව උදානයක්වූ
නංගිගෙ හිත ළඟ කවුරුද මුවා වුණේ

දෙතොල නොකීදේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉර හඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවා වුණේ

බාල බොළඳියේ ඉස්සර හුරතල්වූ
කවට සිනා කෙළි සඟවා තැබුවාදේ //
වසන්තයට පෙර කැකුළට ළංවී
නංගිගෙ හිත ළඟ කවුරුද මුවා වුණේ

දෙතොල නොකීදේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉර හඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවා වුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment