Re Weela Ayi Me Ude Song Lyrics - රෑ වීලා ඇයි මේ උදේ ගීතයේ පද පෙළ

Re Weela Ayi Me Ude Song Lyrics - රෑ වීලා ඇයි මේ උදේ ගීතයේ පද පෙළ
Song Title : Re Weela Ayi Me Ude (රෑ වීලා ඇයි මේ උදේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : අජන්තා රණසිංහ


රෑ වීලා ඇයි මේ උදේ
රෑ වීලා ඇයි මේ උදේ
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ

උණ පඳුරු හෙවණේ
ඔබ නෑ උදේ
රතු පාට සේලයෙන්
හැඩ වූ ළඳේ
වැහිබර වීලා
මගෙ හිත පාළුයි

රෑ වීලා ඇයි මේ උදේ
රෑ වීලා ඇයි මේ උදේ
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ

ඔබ නේන මිදුලේ
මල් වැට දිගේ
සිරියාව නෑ ප්‍රියේ
වෙනදා වගේ
හෙට උදයේ හෝ
ඔබ එනවාදෝ

රෑ වීලා ඇයි මේ උදේ
රෑ වීලා ඇයි මේ උදේ
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment