Rayak Upadda Song Lyrics - රැයක් උපද්දා ගීතයේ පද පෙළ

Rayak Upadda Song Lyrics - රැයක් උපද්දා ගීතයේ පද පෙළ
Song Title : Rayak Upadda (රැයක් උපද්දා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය


රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා
අළුත් හැඟුම් දී හෙට ආයෙත් නැගෙන්නා//

අමා වෑහෙනා සඳේ රෑ වුණා
උතුරා රස මීවිතේ
පිරුණා අද ජීවිතේ

රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා
අළුත් හැඟුම් දී හෙට ආයෙත් නැගෙන්නා

සරා ගී මුතු කියා පෑ යුතු
පෙරළා රැළි සාගරේ
ලිව්වා මගෙ ආදරේ

රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා
අළුත් හැඟුම් දී හෙට ආයෙත් නැගෙන්නා

ගලා ආ රැළී ඇදීලා යළි
වෙරළේ ලියු ආදරේ
පිසදා ඇත සාගරේ

රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා
අළුත් හැඟුම් දී හෙට ආයෙත් නැගෙන්නා//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment