Raththaranin Ran Song Lyrics - රත්තරනින් රන් ගීතයේ පද පෙළ

Raththaranin Ran Song Lyrics - රත්තරනින් රන් ගීතයේ පද පෙළ
Song Title : Raththaranin Ran (රත්තරනින් රන්)
ගායනය : චන්ද්‍රිකා සිරිවර්ධන
සංගීතය : ෂෙල්ටන් ප්‍රේමරත්න
ගී පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ


රත්තරනින් රන් මාල නොබැන්දට
රත්තරනින් රන් තෝඩු නොදැම්මට
නුඹේ දෑත මට රැකවරණයි
රත්තරං දෑත මට රැකවරණයි
නුඹේ දෑත මට රැකවරණයි
රත්තරං දෑත මට රැකවරණයි

කුඹුරු කොටන ඔබේ දෑත
නියර බඳින ඔබේ දෑත
කුඹුරු කොටන ඔබේ දෑත
නියර බඳින ඔබේ දෑත
මගේ පැලේ කවුළු දොරින්
උදේ හවා දුටුවා
ඒ දෑතට මගේ දෑත
දෙන්නට මා සිතුවා

රත්තරනින් රන් මාල නොබැන්දට
රත්තරනින් රන් තෝඩු නොදැම්මට
නුඹේ දෑත මට රැකවරණයි
රත්තරං දෑත මට රැකවරණයි
නුඹේ දෑත මට රැකවරණයි
රත්තරං දෑත මට රැකවරණයි

පැල් කවියක හඬින් රෑට
සිහින ලොවක ගෙවමි ඈත
පැල් කවියක හඬින් රෑට
සිහින ලොවක ගෙවමි ඈත
හදේ පැතුම් සද කිරණින්
ඔබේ පැලට ආවා
දෑතට දී මගේ දෑත
තනි රකින්න ආවා

රත්තරනින් රන් මාල නොබැන්දට
රත්තරනින් රන් තෝඩු නොදැම්මට
නුඹේ දෑත මට රැකවරණයි
රත්තරං දෑත මට රැකවරණයි
නුඹේ දෑත මට රැකවරණයි
රත්තරං දෑත මට රැකවරණයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment