රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches)

රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches) - Your Choice Way

මම අද ☔ දවසේ හැදුවා උදේට කන්න රස කෑමක් . රේන්බෝ සැන්ඩ්විචස් (Rainbow Sandwiches). හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න .  මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • සැන්ඩ්විචස් පෙති පාන් ලොකු 
  • කැරට්  (පෙති කපලා යාන්තමට වගේ රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ තම්බන්න)
  • බීට් රූට් අල  (තරමක කැලි කපා යාන්තමට වගේ රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ තම්බන්න )
  • අමු මිරිස් කරල් 1  සිහින්ව කපා ගත් 
  • බිත්තර 1  (තම්බා පොඩි කරගත් )
  • බටර් හෝ මාජරින් මේස හැදි 2 
  • ගම්මිරිස් කුඩු ටිකක් 
  • මැයෝනීස් ටිකක් 
  • චීස් පෙති (මම ලග නැති නිසා චීස්  එකෙන් හීනියට පෙති කපා ගත්තා )
  • ලුනු කුඩු ටිකක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව කැරට් , බීට්  වෙන වෙනම ග්‍රයින්ඩර් එකේ ග්‍රයින්ඩ් කරන්න . වෙන වෙනම භාජන වලට දමන්න . එවගේම වෙන වෙනම හැදි දාන්න . 
  2. තවත් භාජනයකට මැයෝනීස් , ගම්මිරිස් , ලුනු , බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . මෙම මිශ්‍රණය හැම භාජනයකටම සමානව දමා හොඳින් මිශ්‍ර කරන්න .
  3. බිත්තර 1 තම්බා පොඩි කර අමු මිරිස් එකතු කර එයට මැයෝනීස් මිශ්‍රණය ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . (පහල පින්තූරයේ පෙනන පරිදි )
  4. දැන් පාන් පෙති වල වාටි කපා එක පාන් පෙති එකක පලමුව කැරට් මිශ්‍රණය ගාන්න . ඊට උඩින් තව පාන් පෙති 1 තබා බීට් රූට් මිශ්‍රණය ගාන්න.
  5. දැන් තව පාන් පෙති 1 තබා උඩින් බිත්තර මිශ්‍රණය ගා චීස් පෙති තබා තව පාන් පෙති 1 තබන්න . පසුව හරහට කැපුවා . හදලා බලන්න කෝ . 

Dhammika Panangala (ධම්මිකා පනංගල)
රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches) - Your Choice Way

රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches) - Your Choice Way

රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches) - Your Choice Way

රේන්බෝ සැන්ඩ්විචස් හදමු (Rainbow Sandwiches) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment