හාල්පිටි පොල් පිට්ටු හදමු (Pittu)

හාල්පිටි පොල් පිට්ටු හදමු (Pittu) - Your Choice Way

අදත් මම උදේට රස වගේම ගුණ කෑමක් හැදුවා . මල් මල් හාල්පිටි පොල් පිට්ටු . හරිම ලෙහෙසියි හදන්න . මම පිට්ටු කන්න සැර කට්ට සම්බලක් සහ පොල් කිරි ගත්තා . මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හාල් පිටි 250g  (විනාඩි 5 පමණ කබලෙ බැදලා ගන්න. ඉදි ආප්ප පිටි වුනත් ගන්න පුළුවන් . ඒක බදින්න ඕන නැහැ)
  • පොල් බැයක පොල් 
  • ලුනු කුඩු තේ හැදි 1/2
  • වතුර අනා ගැනීමට 

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව භාජනයකට හාල් පිටි දමා විනාඩි 5 පමණ බදින්න . පැත්තකින් නිවෙන්න තබන්න.
  2. භාජනයකට හාල්පිටි දමා එයට ලුනු එකතු කර මිශ්‍ර කරන්න . පසුව පොල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . 
  3. දැන් වතුර ටික ටික ඉසිමින් පිට්ටු කැට මල් සාදා ගන්න . ලොකු කැට හදන්න එපා .
  4. දැන් කුමක් හෝ තරමක කප් එකක් ගෙන පිට්ටු පුරවා උඩින් යාන්තම් තද කර රයිස් කුකර් එකේ ස්ටිමර් එකේ තබා තම්බා ගන්න . ස්ටීමර් එක උඩ  සවියට් එකක් එලා සාදා ගත් පිට්ටු තබන්න . 
හදලා බලන්න කෝ .Dhammika Panangala (ධම්මිකා පනංගල)

හාල්පිටි පොල් පිට්ටු හදමු (Pittu) - Your Choice Way

හාල්පිටි පොල් පිට්ටු හදමු (Pittu) - Your Choice Way

හාල්පිටි පොල් පිට්ටු හදමු (Pittu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment