මුළු යුද්ධයක් පුරා පැවති එක් සටනක් (One Battle That Lasted A Whole War)

මුළු යුද්ධයක් පුරා පැවති එක් සටනක් (One Battle That Lasted A Whole War) - Your Choice Way
දෙවන ලෝක යුද්ධයේ දීර්ඝතම අඛණ්ඩ යුධ මෙහෙයුම වන අත්ලාන්තික් සටන( Battle of the Atlantic) 1939 සිට 1945 දී නාසි ජර්මනිය පරාජය වීම දක්වාම (පුරා වසර හයකට ආසන්න කාලයක්) දිවෙන අතර දෙවන ලෝක යුද්ධයේ නාවික ඉතිහාසයේ ප්‍රධාන කොටසක් ආවරණය කරයි.

අත්ලාන්තික් සටන 1939 සැප්තැම්බර් 3 වන දින අයර්ලන්තයට බටහිරින් ඇරඹුනේ ජර්මානු සබ්මැරීන ප්‍රහාරයක් මගින් එස්එස් ඇතීනියා නෞකාව ගිල්වා දැමීමත් සමඟ ය.  මොන්ට්‍රියල් බලා යන මේ මගී නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,400 ක් සිටියහ. ඉන් 118 දෙනෙක් මිය ගියහ. (කැනේඩියානුවන් සිව්දෙනෙකු ද ඇතුළුව)

යූ-බෝට්ටු (U-Boat) ලෙස හැඳින්වෙන ජර්මන් සබ්මැරීන්, වෙළඳ නාවික සහ මිත්‍ර හමුදා වලට ඇති ප්‍රධාන තර්ජනය විය.  යූ-බෝට්ටු බොහෝ විට මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් තම වරායෙන් ඉවත්ව සිටි අතර, ඔවුන් ටෝර්පිඩෝ ප්‍රහාර මෙන්ම බෝම්බ ඇටවීමද සිදු කළහ. නැව් ගමනාගමනය කෙරෙහි ඔවුන්ගේ බලපෑම විශාල බාධාවක් විය. 1941 ජුනි මාසයේදී පමණක් යූ-බෝට්ටුවල ප්‍රහාර වලින් ටොන් 500,000 කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් අහිමි විය.

මුළු කාලය පුරාම ජර්මානු යූ-බෝට්ටු බ්‍රිතාන්‍යයට යන භාණ්ඩ සැපයීම කඩාකප්පල් කිරීම සඳහා රාජකීය නාවික හමුදාව, රාජකීය කැනේඩියානු නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාව මෙන්ම මිත්‍ර වෙළඳ නැව් සමඟ සටන් කළහ. මේ හේතුව නිසා යුද්ධයේ සමහර කාලවලදී  බ්‍රිතාන්‍ය ජාතිකයින් කුසගින්නේ පවා සිටියහ.
මුළු යුද්ධයක් පුරා පැවති එක් සටනක් (One Battle That Lasted A Whole War) - Your Choice Way
ජර්මානුවන් භාවිතා කල U - Boat නැමති සබ්මැරීනය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment