Oba Wenuwen Maa Song Lyrics - ඔබ වෙනුවෙන් මා ගීතයේ පද පෙළ

Oba Wenuwen Maa Song Lyrics - ඔබ වෙනුවෙන් මා ගීතයේ පද පෙළ
Song Title : Oba Wenuwen Maa (ඔබ වෙනුවෙන් මා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : සරත් දසනායක
ගී පද : බණ්ඩාර කේ. විජේතුංග


ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා//
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා//
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

සුළඟේ මිලින වුණාවේ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment