Me Mayi Gaha Yata Song Lyrics - මේ මැයි ගහ යට ගීතයේ පද පෙළ

Me Mayi Gaha Yata Song Lyrics - මේ මැයි ගහ යට ගීතයේ පද පෙළ
Song Title : Me Mayi Gaha Yata (මේ මැයි ගහ යට)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : මිල්රෝයි ධර්මරත්න


මේ මැයි ගහ යට දවසක් දා..
වැස්සට අපි උන්නා..
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවන දුන්නා...
අපට සෙවන දුන්නා...

මැයි මාසේ එක සැන්දා වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ..
ආදරවියෝවක් සිතින් එබෙන සඳ
වැහිපොද සේ නෙතු කඳුලු සැලේ
වැහිපොද සේ නෙතු කඳුලු සැලේ..

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ..
අපදෙදෙනෙක් නොව අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ..

මේ මැයි ගහ යට දවසක් දා..
වැස්සට අපි උන්නා..
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවන දුන්නා...
අපට සෙවන දුන්නා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment