Maa Nisa Oba Song Lyrics - මා නිසා ඔබ ගීතයේ පද පෙළ

Maa Nisa Oba Song Lyrics - මා නිසා ඔබ ගීතයේ පද පෙළ
Song Title : Maa Nisa Oba (මා නිසා ඔබ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයේ නාවත් කම් නෑ ඉතිං //

කෝ එදා ඔබ අත පැලැන්දුව
මුදුව කෝ කොයිදෝ
නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන
කීවාදෝ නැතිදෝ

මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයේ නාවත් කම් නෑ ඉතිං

මාළිගාවක රජ කෙනෙක් වත්
යනවදෝ කැදවා
වාසනාවන් ඒ සැඳෑවට
මා ඇවිත් යනවා

මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයේ නාවත් කම් නෑ ඉතිං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment