Kahawan Goyamata Ran Diya Wahala Song Lyrics - කහවන් ගොයමට රන් දිය වැහැලා ගීතයේ පද පෙළ

Kahawan Goyamata Ran Diya Wahala Song Lyrics - කහවන් ගොයමට රන් දිය වැහැලා ගීතයේ පද පෙළ
Song Title : Kahawan Goyamata Ran Diya Wahala (කහවන් ගොයමට රන් දිය වැහැලා)
ගායනය : නාලිනී රණසිංහ
සංගීතය : ඩන්ස්ටන් පී. ද සිල්වා
ගී පද : මර්සලින් ජයකොඩි පියතුමා


කහවන් ගොයමට රන් දිය වැහැලා
නියරින් ඉතිරෙනවා
ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී
මිහිමත වැතිරෙනවා
විහඟ වලා ගුවන වෙලා
විහඟ වලා ගුවන වෙලා
දුර අහසේ නොපෙනී යනවා
දුර අහසේ නොපෙනී යනවා
කවියක් ගීයට හැරුණ කලක් දෝ
කවියක් ගීයට හැරුණ කලක් දෝ
ඉපනැලි නළියනවා
ඉපනැලි නළියනවා

මින්නේරිය වැව දැන් නිල් කැටයකි
තැන තැන රඟ දෙනවා
එක දෙක දිය ‍රැළි සුළඟට කැඩි කැඩි
සුදු ඉරි මතුවෙනවා
මුතු අමුණා ගී මුමුණා
මුතු අමුණා ගී මුමුණා
දුර වෙරළට ‍රැළි ඇද්දෙනවා
දුර වෙරළට ‍රැළි ඇද්දෙනවා
මින්නේරිය වැව පට සළු ඇඳගෙන
මින්නේරිය වැව පට සළු ඇඳගෙන
ඔන්චිලි පැද්දෙනවා
ඔන්චිලි පැද්දෙනවා

මහසෙන් රජ වැඳ නින්දට යන්නට
පෙරයම සැරසෙනවා
අවුරුදු දහසක් කෙත්බිම් සරු කොට
හිනැහී සැනහෙනවා
යල වපුරා මහ වපුරා
යල වපුරා මහ වපුරා
ගොයමට දිය ‍රැළි නංවනවා
ගොයමට දිය ‍රැළි නංවනවා
මින්නේරිය වැව හෙට හී කවියෙන්
මින්නේරිය වැව හෙට හී කවියෙන්
උදයට ළංවෙනවා
උදයට ළංවෙනවා

කහවන් ගොයමට රන් දිය වැහැලා
නියරින් ඉතිරෙනවා
ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී
මිහිමත වැතිරෙනවා
විහඟ වලා ගුවන වෙලා
විහඟ වලා ගුවන වෙලා
දුර අහසේ නොපෙනී යනවා
දුර අහසේ නොපෙනී යනවා
කවියක් ගීයට හැරුණ කලක් දෝ
කවියක් ගීයට හැරුණ කලක් දෝ
ඉපනැලි නළියනවා
ඉපනැලි නළියනවා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment